කොටි සංවිධානය යළි ඉස්මතුවීමට අපි කැමති නැහැ – සම්බන්‍ධන්

එල්ටීටීඊ සංවිධානය නැවත ඉස්මතුවීම දැකීමට දෙමළ ජාතික සන්ධානය අකමැති බවත් යුද්දවලට හා ප්‍රචණ්ඩත්වයට තම පක්ෂය අකමැති බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඒ මහතා අද පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළේය.

තම මතය ප්‍රසිද්ධියේ පැවසීමට පසුබට නොවන බවද ඔහු පවසා සිටියේය. එබැවින් දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳා දෙන ලෙසත් අත්අඩංගුවේ පසුවන දේශපාලන සිරකරුවන්ට එරෙහිව ගොනු කොට ඇති නඩු කඩිනමින් විභාග කොට ඔවුන්ට යුක්තිය හා සාධාරණය ඉටුකරන ලෙසද විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් පවසා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top