ආවා කල්ලිය අතරතුර තාරා කල්ලියත් අත්අඩංගුවට..

යාපනය තාරා කල්ලියේ දෙදෙනෙකුව පොලිස් විශේෂ කාර්‍ය බලකාය හා කෝප්පායි පොලිසිය එක්ව අත්අඩංගුවට ගෙන තිබේ.

වඩමරාච්චිය අච්චුවේලි ප්‍රදේශයේ පදිංචි 21 සහ 22 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. යාපනයදී ඊයේ සඳුදා දින සිඳුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් ගමන් කළ ත්‍රීරෝද රථය තුළ ඉතා සූක්‍ෂම ලෙස සඟවා තිබූ කඩුවක් ද සොයාගෙන තිබේ. එම තරුණයන් දෙදෙනා වඩමරාච්චියේ සිට ක්‍රියාත්මක වන තාරා නැමැති කල්ලියට අයත් පුද්ගලයන් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top