යාපනය බස් නැවතුම් පොළේ සිටි තරුණයාව පැහැරගෙන ගියේ නෑ – එය අත්අඩංගුවට ගැනීමක් – පොලිසිය

යාපනය බස් නැවතුම් පොළේ සිටි තරුණයා පැහැර ගැනීමකට ලක් නොවූ බවත්, ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවට කෝප්පායි පොලිසීයේ ස්ථානාධිපතිතුමා පවසයි. ඊයේ අඟහරුවාදා දින යාපනය බස් නැවතුම් පොළේ සිටි තරුණයෙකුව සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් පැහැරගෙන ගිය බවට ඇතැම් වෙබ් අඩවිවල පුවත් පළ කර තිබුණි.

මේ සම්බන්‍ධයෙන් කෝප්පායි පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් විමසූ විට ඔහු මේ බව පවසා සිටියේය,

ආවා කල්ලියට සම්බන්‍ධ, එම කල්ලියට තොරතුරු සපයන පුද්ගලයෙකු යැයි යාපනය, බ්‍රවුන් මාර්ගයේ පදිංචි ගජබාලසිංගම් නිදර්සන් (වයස 17) නැමැති තරුණයා සම්බන්‍ධයෙන් අපට රහසිගත තොරතුරක් ලැබුණා. ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගැනීමට අපි අවස්ථා ගණනාවක් උත්සහ කළ නමුත් පොලිස් නිලධාරින්ව දුටු ඔහු පලා ගොස් සැඟවා සිටියා. මෙවැනි අවස්ථාවකදී අදාළ පුද්ගලයා ඊයේ අඟහරුවාදා රාත්‍රී බස් නැවතුම් පොළේ සිටින බවට ලැබුණු තොරතුරුවලට අනුව සිවිල් ඇඳුමින් ගිය පොලිස් නිලධාරින් ඔහුව අත්අඩංගුවට ගෙන කෝප්පායි පොලිස් ස්ථානයට රැගෙන ආවා.

ඔහුගෙන් කළ ප්‍රශ්ණ කිරීම්වලින් ආවා කල්ලිය පිළිබඳ තොරතුරු රැසක් හෙළි කළ අතර, ඔහු කළ ප්‍රකාශයට අනුව ඔහුගේ නිවස සෝදිසි කිරීමෙන් තියුණු ආයුධවලින් පහරදීමේ සිද්ධියට සම්බන්‍ධ යතුරු පැදියක් සහ කඩුවක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. යැයි පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top