උඩුගම්පල ප්‍රදේශයේදී හෙරෝයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 07කට අධික වටිනාකමකින් යුතු හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයෙකු වේයන්ගොඩ, උඩුගම්පල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ නිළධාරීන්ට ලද තොරතුරක් අනුව සිදුකල වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 73යි මිලි ග්‍රෑම් 450ක් සොයාගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් හත් ලක්ෂ 30,000ක් පමණ වන බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සදහා වේයන්ගොඩ පොලිස්ස්ථානය වෙත භාරදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top