පළාත් පාලන ආයතන 93ක් සඳහා නාමයෝජනා කැඳවීම හෙට සිට

පළාත් පාලන ආයතන 93ක මැතිවරණ පැවැත්වීම සඳහා නාම යෝජනා කැඳවීම හෙට (27) සිට සිදුකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කොට ඇත.

දැනට අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩුවලට අදාළ නොවන පළාත් පාලන ආයතන 93ක් සඳහා හෙට (27) සිට දින 14 ක කාලයක් තුළ නාම යෝජනා කැඳවීමට තමා තේරීම් භාර නිළධාරීන්ට හා සහකාර තේරීම් භාර නිළධාරීන්ට දන්වා යැවු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (25) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

අධිකරණයේ පවතින නඩුවට අදාළ නොවන පළාත් පාලන ආයතන 133ක් තිබේ. එහෙත් පළාත් පාලන ඡන්ද විමසීමේ ගැසට් පත්‍රයේ පවතින දෝෂ නිසා පළාත් පාලන ආයතන 40ක් සඳහා ඡන්ද දැන්වීම් මේ අවස්ථාවේ නිකුත් කළ නොහැකි බව ද ඒ මහතා කීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top