හංවැල්ල පොලීසිය සහ ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රජාව එක්ව සංවිධානය කළ සර්වාගමික වැඩසටහනක් ඊයේ (26) දින සවස 4ට හංවැල්ල ප්‍රාදේශිය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.
එම අවස්ථාවට කහහේන සුසිරිවර්ධනාරාම විහාරයේ විහාරාධිපති අති පූජ්‍ය කහහේනේ මේධානන්ද හිමි, තුන්නාන මුත්තුමාරි අම්මන් කෝවිලේ සත්‍යරාජ් පූජකතුමා, හංවැල්ල මීසම බාර රංජිත් ජූඩ් පියතුමා, පහත්ගම බැප්ටිස්ට් සභාවේ ජෝන් ගුණරත්නම් පියතුමා, හංවැල්ල මුස්ලිම් මස්ජිදයෙහි ප්‍රධාන මෞලවි හාජා මොහිදීන් මහතා, කථිකාචාර්ය අල් හාජ් මොහමද් සෆ්වාන් මෞලවිතුමා, හංවැල්ල පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු ආරක්ෂක නිලධාරින්, රාජ්‍ය නිලධාරින්, ප්‍රදේශවාසින් ඇතුළු විශාල පිරිසක් සහභාගිවූහ.
එහිදී හංවැල්ල ප්‍රදේශයේ ශිෂ්‍යත්ව විභාගය සමත්වූ දරු දැරියන්ට තෑගි ප්රදානය සහ, හංවැල්ල පොලිස් ස්ථානයේ සේවය කරන ධම්මික මහතාට ප්‍රදේශවාසීන් විසින් සමරු තිළිණයක්ද පිරිනැමුණි.





