අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට රතු නිවේදන

අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ රත්නපුර, බදුල්ල සහ මාතලේ දිස්ත්‍රික්කයන් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය විසින් රතු නිවේදන නිකුත් කර තිබේ.

ඒ අනුව කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශයන් විශේෂයෙන් බෙරලුවගේ අයින, බුළුතොට, රන්හොටිකන්ද, ඉත්තෑක්නද, උලින්දුව සහ බුත්කන්ද යන ග්‍රාම නිලධාරී වසම් හා බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල සහ බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශ වෙත මෙලෙස රතු නිවේද නිකුත් කොට ඇත.

මේ අතර, මේ වන විට දිවයින පුරා ඇතිවී තිබෙන අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ රත්නපුර සහ බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට නායයෑම් අවවදානම් නිවේදන නිකුත් කර ඇති බව වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top