පෑලියගොඩ ප්‍රදේශයේදී හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 300ක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තාවේ. ඔහු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.