ආවා කල්ලියේ තවත් තුනක් අත්අඩංගුවට

ආවා කල්ලිය

ආවා කල්ලියට අයත් තවත් තිදෙනෙකුව යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ආවා කල්ලියේ ප්‍රධාන පෙල ක්‍රියාකරුවන් යැයි පොලිසිය විසින් හඳුනාගත් ඉක්රම් ඇතුළු තිදෙනෙකු කොළඹදී සැඟව සිටින බවට ලැබුණු තොරතුරුවලට අනුව සිඳුකළ විශේෂ මෙහෙයුමකින් පසුගිය අඟහරුවාදා දින ඔවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන යාපනයට රැගෙනවිත් තිබුණි.

එම තිදෙනාගෙන් කළ ප්‍රශ්ණ කිරීම්වලින් අනතුරුව ලැබුණු තොරතුරුවලට අනුව ඊයේ බදාදා දින තවත් තිදෙනෙකුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් කෝන්ඩාවිල්, කොක්කුවිල්, සහ නල්ලූර් ප්‍රදේශවල පදිංචිකරුවන් බවත්, දැනට අත්අඩංගුවට ගෙන ඇති හය දෙනාව පොලිස් භාරයේ ප්‍රශ්ණ කරමින් සිටින බවද පොලිසිය සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top