එ.ජා. සංවිධානයේ යෝජනාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්නැයි බ්‍රිතාන්‍ය ඉල්ලයි..

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සභාව විසින් ශ්‍රී ලංකාව පිළිබඳ සම්මත කළ යෝජනාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු යැයි බ්‍රිතාන්‍ය ඉල්ලා තිබේ. ආසියානු ශාන්තිකර කලාප භාර බ්‍රිතාන්‍ය රාජ්‍ය ඇමැති මාර්ක් ෆීල්ට් මහතා මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.

ඔක්තෝම්බර් මස ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී ද තමන් මේ බව අවධාරණය කළ බව හෙතෙම පවසා තිබේ.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සභාවේ යෝජනාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු බව තමන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරප්පන මහතා වෙත අවධාරණය කළ බවත්, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්‍ෂාව සහ සංහිඳියා කටයුතුවලට බ්‍රිතාන්‍යාව පූර්ණ සහාය ලබා දෙන බවද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top