උතුරු පළාත් ලංගම වර්ජනය අවසන්

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ උතුරු පළාත් භාර ප්‍රධාන කළමණාකරු උපාලි කිරිවත්තුඩුව මහතා වහාම එම ධූරයෙන් ඉවත් කර නව කළමණාකරු ලෙස කේදීස්ව පත්කරන බවට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ මූලස්ථානය ලබාදුන් සහතිකයෙන් අනතුරුව උතුරු පළාත් ලංගම සේවක සංගමය දියත් කළ වර්ජනය අවසන් කර තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්‍ධන් මහතා සහ ලංගම සභාපතිවරයා අතර අද දින පෙරවරුවේ පැවැති සාකච්ඡාවදී මෙම පොරොන්දුව ලබාදුන් බව උතුරු පළාත් ලංගම සේවක සංගමය පැවැසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top