වැසි තත්ත්වය තව දින 03ක්

වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින තුන තුළත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 8 දෙනෙකු මිය ගොස් පුද්ගලයන් 8 දෙනෙකු අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය.

ඊයේ (01) දිනයේදී ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත විපතට පත්වූවන්ට රුපියල් දසදහසක අත්තිකාරම් මුදල් ලබා දීම ආරම්භ කෙරුණි.

මේ අතර රත්නපුර, නුවරඑළිය, ගාල්ල, මාතර, මාතලේ, හම්බන්තොට, මොනරාගල, කළුතර හා බදුල්ල දිස්ත්‍රික්කවල පවතින නායයෑමේ අවදානම තවදුරටත් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරනු ලැබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top