මුක්කොම්බන් පූනගරි මාර්ගය තාවකාලිකව අලුත්වැඩියා කෙරේ…

කිලිනොච්චිය පූනගරි මුක්කොම්බන් ප්‍රදේශයට සහ ස්කන්දපුරම් ප්‍රදේශයට අතරවූ මාර්ගය තාවකාලිකව අලුත්වැඩියා කිරීම සම්බන්‍ධයෙන් මුක්කොම්බන් ප්‍රදේශවාසීන් අදාල නිලධාරින්ට සිය ස්තුතිය පළ කර තිබේ.

පසුගිය වසර 7කට වැඩි කාලයක් දැඩි ලෙස අබලන්ව තිබූ ඉකුත් මාර්ගයෙන් වැසි කාලයේදී පාසල් හා රෝහලට යෑමට ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවලට මුහුණ දුන් බව පැවැසේ. මේ හේතුවෙන් මුක්කොම්බන් ප්‍රදේශයට හා කිලිනොච්චිය නගරය අතරවූ සම්බන්‍ධකම් ද බාධාවට පත්වී තිබූ අතර ජනතාව විසින් කල ඉල්ලීමකට අනුව ඉකුත් මාර්ගය අලුත්වැඩියා කරදීම සම්බන්‍ධයෙන් අදාල නිලධාරින්ට තම ස්තුතිය පළ කරන බව ප්‍රදේශවාසීන් පවසා තිබේ.

මේ අතර, උතුරු පළාත් ප්‍රවාහන අමාත්‍යංශය ඉකුත් මාර්ගය ස්ථීරව ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගත යුතු යැයි මුක්කොම්බන් ජනතාව ඉල්ලා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top