දළඳා මාළිගාවට අයත් ඉඩමක නිදන් හෑරූ තිදෙනෙකු අත්අඩංගුවට

දළඳා මාළිගාවට අයත් ඉඩමක නිදන් හාරමින් සිටි සැකකරුවන් තුන්දෙනෙකු සහ ඒ සඳහා භාවිතා කළ උපකරණ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. ඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශයට ලද තොරතුරක් මත සිඳුකළ වැටලීමකදී දළඳා මාළිගාවට අයත් ගලේවෙල, එනමල්පොත, වහකෝට්ටේ ප්‍රදේශයේ ඉඩමක දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී සැකකරුවන් සමග බැකෝ යන්ත්‍රයක්, යතුරුපැදියක්, ගල් විදින යන්ත්‍ර හා වෙඩි බෙහෙත් ඇතුලු උපකරණ රැසක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු සහ ව්‍යාපාරිකයෙකු බව හඳුනාගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top