යාපනය අරාලි ප්‍රදේශයේ වසර 50ක් තිස්සේ අලුත්වැඩියා නොකළ මාර්ගය..

යාපනය, අරාලි ප්‍රදේශයේ මාර්ගයක් පසුගිය වසර 50ක කාලයක් අලුත්වැඩියා නොකිරීමෙන් දැඩි අබලන් තත්වයේ පවතින බව එම ප්‍රදේශයේ ජනතාව පවසති. අරාලි කුමුක්කන් මාර්ගය ලෙස අබලන්වී ඇති බව පැවැසේ.

මේ සම්බන්‍ධයෙන් ප්‍රදේශවාසියෙකු පවසා සිටියේ,

‘මෙම මාර්ගයේ ගමන් කරන සියළු දෙනා බොහෝ අපහසුතාවලට මුහුණ දෙනවා. වැසි කාලයේදී මෙම මාර්ගයෙන් ගමන් කිරීමට නොහැකි තත්වයක් පවතින හෙයින් පාසල් සිසුන් හා රැකියාවට යන අය දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටිනවා.

ප්‍රාදේශිය ලේකම්, දිස්ත්‍රික්ක ලේකම්, උතුරු පළාත් මහ ඇමැති ඇතුළු අදාල බලධාරින්ට අවස්ථා ගණනාවකදී දැනුම් දුන් නමුත් මෙතෙක් කිසිඳු පියවරක් ගෙන නැහැ. වලිගාමම් බටහිර ප්‍රාදේශිය සභාවේ කි.මී. 50ක මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවලට මෙම මාර්ගය ද ඇතුලත් කර තිබූ නමුත්, එහි ඇතුලත් කළ සෙසු මාර්ග සියල්ල ප්‍රතිසංස්කරණය කර ඇති නමුත් මෙම මාර්ගය පමණක් මෙතෙක් ප්‍රතිසංස්කරණය කර නැහැ, මේ සම්බන්‍ධයෙන් නිලධාරින් බොහෝ දෙනෙකුට පැමිණිළි කර තිබෙනවා‘ යැයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top