මන්නාරම – තලයිමන්නාරම සොහොන් භූමියෙන් මළ සිරුරු 15ක් ගොඩගනී.

මන්නාරම – තලයිමන්නාරම මාර්ගයේ පිහිටි සොහොන් භූමියකින් ඊයේ දින මළ සිරුරු 15ක් ගොඩගෙන තිබේ. මන්නාරම කතෝලික සභාව විසින් අධිකරණය වෙත කළ ඉල්ලීමකට අනුව ඊයේ දින සවස මන්නාරම අධිකරණ විනිසුරු ඒ.ජී. අලෙක්ස් රාජා මහතා ඉදිරියේ මෙම කටයුත්ත සිඳු කෙරුණි.

වසර 10කට පෙර මන්නාරම කතෝලික සභාවේ කටයුතු කළ කන්‍ය සොහොයුරියන් ඇතුළු 15 දෙනෙකුගේ මළසිරුරු මෙලෙස ගොඩ ගෙන තිබේ. මීට පෙර කතෝලික සභාවට අයත් සොහොන් භූමියක් ලෙස තිබූ එම සොහොන් භූමියේ පසු කාලයේ එම ප්‍රදේශයේ මියගිය පුද්ගලයන්ගේ මළසිරුරුද භූමිදානය කරන පොදු සුසාන භූමියක් ලෙස පත්වුණි.

මෙවැනි තත්වයකදී ඉකුත් 15 දෙනාගේ මළසිරුරු අලුතින් ඉදිකළ කතෝලික සොහොන් භූමියේ තැන්පත් කළ යුතු යැයි කළ ඉල්ලීමකට අනුව මෙලෙස එම මළසිරුරු ගොඩ ගෙන නව සුසාන භූමියේදී නැවත වලදමා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top