අනුරුද්ධ පාදෙණියට එරෙහි චෝදනා විභාගයට ගැනීමට අධිකරණයෙන් නියෝග

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව විභාග කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කර තිබේ. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ඔහුට එරෙහිව නඩුව ගොනු කර තිබේ.

ඒ සම්බන්ධයෙන් පාදෙණිය මහතා ගොනු කළ මූලික විරෝධතා ප්‍රතික්‍ෂේප කළ අධිකරණය නඩුව විභාග කරන ලෙස නියෝග කර තිබේ. ඒ අනුව මෙම නඩුව මාර්තු දහ වනදා විභාගයට ගැනීමටයි දින නියම කර තිබේ.

සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය සහ පුරවැසිබලය සංවිධානය විසින් මෙම පෙත්සම ගොනු කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top