හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් ඊට මුහුණදීමට කිලිනොච්චිය සූදානම් වෙයි – දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයේදී හදිසි රැස්වීමක්

ඉදිරි දිනවලදී උතුරු ප්‍රදේශයට බලපෑ හැකි කාලගුණ තත්ත්වය හමුවේ හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් ඊට මුහුණ දීම සම්බන්‍ධයෙන් හදිසි රැස්වීමක් කිලිනොච්චිය දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයේදී දිසාපති සුන්දරම් අරුමයිනායකම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින පැවැත්වුණි.

ආපදා තත්වයට මුහුණදීම, පෙර සූදානම් කටයුතු සම්බන්‍ධයෙන් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන, රාජ්‍ය දෙපාර්තුමෙන්තු නිලධාරින්, හමුදා සහ ආරක්‍ෂක නිලධාරින්, සිවිල් සංවිධාන ඇතුළු බොහෝ පිරිසක් මෙම සාකච්ඡා හමුවට සහභාගිවූහ.

ඇතිවිය හැකි ආපදා තත්ත්වයන්වල දී ක්‍රියාත්මක විය යුතු ආකාරය, හදිසි තත්ත්වයක දී ජනතාව දැනුවත් කිරීමට ගන්නා ක්‍රියාමාර්ග, හදිසි තත්වයකදී ආධාර හා සේවාවන් ලබා ගැනීම සම්බන්‍ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරුණි.

ආපදා තත්වය සම්බන්‍ධයෙන් හදිසි කාර්‍යාලයක් ද පිහිටුවා ඇති අතර, ආපදා තත්වයකදී ඇමතීම සඳහා දුරකථන අංක ද ලබාදී තිබේ. හදිසි ඇමැතුම් අංක – 0212285330, 0772320528


Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top