මත් පෙති 70,000ක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

මත්පෙති හැත්තෑ දහසක් සමග සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියෙකු වාරියපොල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වාරියපොල පොලිසියට ලද තොරතුරක් මත සිඳුකළ මෙම වැටලීමෙන් වාරියපොල පුත්තලම මාර්ගයේ ලංගම ඩිපෝව අසලදී අදාල මත්පෙති තොගය සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

මෝටර් රථයකින් අදාල මත්පෙති තොගය ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරිය නාත්තන්ඩිය, මන්නාරම සහ මීගමුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top