යාපනය ආනයිකෝට්ටයි ප්‍රදේශයේදී කඩු රැගත් කල්ලිය නිවසකට පැන කොල්ලකයි –

යාපනය, ආනයිකෝට්ටයි ප්‍රදේශයේදී අංක තහඩු වසාගෙන යතුරු පැදිවලින් පැමිණි කල්ලියක් නිවසකට ඇතුල්වී මුදල් හා රන් ආභරණ කොල්ලකා ගොස් තිබේ.

ඊයේ (10) දින රාත්‍රී නවයට පමණ මෙම සිද්ධිය සිඳුව ඇති අතර, මේ සම්බන්‍ධයෙන් වැඩිදුරටත් වාර්තාවන්නේ,

යතුරුපැදිවලින් පැමිණි පිරිසක් නිවසට ඇතුල්වී නිවසේ සිටි අයව කඩු සහ තියුණු ආයුධ පෙන්වා තර්ජනය කර, නිවසේ බඩු භාණ්ඩවලට ද අලාභ හානි සිඳුකර තිබේ. අනතුරුව නිවසේ තිබූ රුපියල් 40දාහක මුදල් සහ රන් පවුම් 5ක ආභරණද කොල්ලකා ගොස් තිබේ.

සිද්ධිය සම්බන්‍ධයෙන් මානිප්පායි පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව සිද්ධිය ස්ථානයට පැමිණි මානිප්පායි පොලිසිය ඉකුත් නිවස යාපනය පොලිස් වසමට අයත් ප්‍රදේශයෙහි නිවසක් බව පවසා පැමිණිල්ල භාර නොගෙන තිබේ. අනතුරුව යාපනය පොලිසියට දැනුම් දීමෙන් පසු සිද්ධිය සම්බන්‍ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරික්‍ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top