දුම්රිය වර්ජනයට මුහුණදීමට ලංගමයෙන් අමතර බස් රථ 1750ක්

පසුගිය 08 වන දින සිට ආරම්භ කර ඇති දුම්රිය රියදුරන්ගේ සහ දුම්රිය සේවක ඒකාබද්ධ සංවිධානය විසින් ආරම්භ කරන ලද වර්ජනය හේතුවෙන් මහජනතාවට ඇති වී තිබෙන ගමනාගමන අපහසුතාවය නැති කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් මේ වන දීපව්‍යාප්තව පුළුල් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

සාමාන්‍යයෙන් දෛනිකව ලංගම විසින් බස්රථ 5700 ක් පමණ සේවාවේ යොදවන අතර මෙම දුම්රිය වර්ජනය හේතුවෙන් අමතර බස් රථ 1000 ක් මේ විට යොදවා ඇත.

එමෙන්ම පාසැල් නිවාඩුව හේතුවෙන් පාසැල් සේවා සඳහා යොදවා ඇති බස්රථ 750 ක් දුරගමන් සේවා සඳහා ද, සුඛෝපබෝගි බස්රථ 60 ක් මේ වන විට ජනතාවගේ ගමන් පහසුව සඳහා යොදවා ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top