කොන්ත්‍රාත් පදනම මත දැනට සේවය කරන සියලු ම දුම්රිය ස්ථානාධිපතිවරුන්, රියාදුරන් සහ දුම්රිය නියාමකවරුන් වහාම සේවයට වාර්තා කරන ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා නියෝග කර තිබේ. පුවත් නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව පවසා ඇති අතර, එලෙස සේවය වාර්තා නොකරන සියලු දෙනා සේවය හැර ගියා සේ සලකන බවද එහිදී සඳහන් කර තිබේ.
