උතුරේ ආගමික ස්ථානවලට අඛණ්ඩව එල්ලවන ප්‍රහාර

යාපනය කොටුව ප්‍රදේශයේ පිහිටි ක්‍රිස්තියානි දේවස්ථානයේ අන්දෝනියාර් පිළිමය තැන්පත් කර තිබූ කන්නාඩි කුටිය නාඳුනන පිරිසක් විසින් කඩා විනාශ කර තිබේ.

යාපනය කොටුව ප්‍රදේශයේ පිහිටි ඉකුත් ක්‍රිස්තියානි දේවස්ථානයට අසලම යාපනය පොලිස් මූලස්ථානය සහ හමුදා කඳවුර ද පිහිටා තිබේ. මෙවැනි තත්වයකදී ඉකුත් දේවස්ථානයට ගල් මුල් ප්‍රහාරයකින් එහි කන්නාඩි කුටිය ඇතුළු දේපළවලට අලාභ හානි සිඳුකර තිබේ.

මෑත කාලය තුළ උතුරේ ක්‍රිස්තියානි දේවස්ථාන, හින්දු කෝවිල් ඉලක්ක කර නාඳුනන පිරිසක් විසින් ප්‍රහාර එල්ල කරමින් සිටීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top