පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය ස්ථීරයි.. – සුමන්දිරන්

පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය ස්ථීර බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා පවසයි. දෙමළ ජාතික සන්ධානය තුළ අර්බුදකාරි තත්වයක් ඇතිවී තිබෙන නමුත් මැතිවරණයේදී ජයග්‍රහණය තහවුරු කළ හැකි බව හෙතෙම පවසා තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ සන්ධාන ගත පක්‍ෂයන් එක්වී ඉදිරි මැතිවරණයට තරඟ කරන බවත්, ඊ.පී.ආර්.එල්.එෆ්. පක්‍ෂය, දෙමළ විමුක්ති සන්ධානය සමග එක්වී තරඟ කිරීමට නියමිත බව හෙතෙම පවසා තිබේ.

කොටි සංවිධානයේ හිටපු සාමාජිකයන් දෙමළ ජාතික සන්ධානයට සහාය පළ කිරීමට ඉදිරිපත්වී ඇති බවද සුමන්දිරන් මහතා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top