ජාතික නිදහස් පෙරමුණේ ප්‍රබලයින් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සමග එක්වෙයි..

ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක, ජාතික සංවිධායක පියසිරි විජේනායක මෙන්ම උතුරු මැද පළාත් සභා මන්තී‍්‍ර පී.බී. කුමාර යන මහත්වරුන් අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබා ගෙන තිබේ.

අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා හමුවූ මෙම පිරිස එතුමා රට ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙළට සහය පළ කරමින් මෙලෙස ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග එක් වූ අතර, ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් උපරිම සහයෝගය ලබාදෙන බව ද ප‍්‍රකාශ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top