ඉන්දීය ගුවන් හමුදාපති අගමැති සහ යුද්ධ හමුදාධිපති හමුවෙයි

දින පහක සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය ගුවන් හමුදාපති බිරේන්ද්‍ර සිං දනොවා මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (11) දින අරලියගහ මන්දිරයේ දී සිදු විය.

මෙහිදී ඉන්දීය ගුවන් හමුදාපති බිරේන්ද්‍ර සිං දනොවා මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ද පිරිනැමීය. මෙම අවස්ථාවට ශ්‍රි ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහ දෙරටේ ගුවන් හමුදා නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානි යුද්ධ හමුදාධිපති හමු වෙයිමේ අතර, ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානි ඊයේ (11) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා හමුවිය.

මෙම හමුවේ දී දෙරටේ සහයෝගිතාව සහ ද්විපාර්ශ්වික වැදගත්කම පිළිබඳව කරුණු සාකච්ඡා කළ අතර, ඉන්දීය ගුවන් හමුදාවේ තවත් නිලධාරීන් දෙදෙනෙකු ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

සංචාරක ඉන්දිය ගුවන් හමුදා ප්‍රධානි නික්ම යාමට ප්‍රථම විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි අත්සන් තැබූ අතර, යුද්ධ හමුදාධිපති සහ එතුමා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top