රජය දුර්වලවීම වැළැක්වීම සඳහා නිදහස් පක්‍ෂයේ සාමාජිකත්වය ලබාගත්තා – වීරකුමාර් දිසානායක

රජය දුර්වලවීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනාධිපතිවරයා ශක්තිමත් කිරීම වෙනුවෙන් තමා ඇතුළු පිරිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් බව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙතින් පක්ෂ සාමාජිකත්වය ලබාගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ(11) පැවති මාධ්‍ය හමුවකදී වීරකුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුවෙන් ඉවත් වන ලෙසට ඒකාබද්ධ විපක්ෂය කරන ඉල්ලීම දේශපාලනික වශයෙන් වැරදි ඉල්ලීමක් බවයි.

ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක, ජාතික සංවිධායක පියසිරි විජේනායක මෙන්ම උතුරු මැද පළාත් සභා මන්තී‍්‍ර පී.බී. කුමාර යන මහත්වරුන් ඊයේ (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබා ගත්හ.

ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා හමුවූ මෙම පිරිස එතුමා රට ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙළට සහය පළ කරමින් මෙලෙස ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග එක් වූ අතර, ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් උපරිම සහයෝගය ලබාදෙන බව ද ප‍්‍රකාශ කළහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top