ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නව සභාපති ලෙස මොහොමඩ් ෆාරුක්

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා වශයෙන් සිද්දි මොහොමඩ් ෆාරුක් මහතා පත් කර ඇත.

සිද්දි ෆාරුක් මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙක් වන අතර හොංකොං විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ උපාධිධරයෙකි.

ජංගම විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ප්‍ර‍වීණයෙකු වන ඒ මහතා ශ්‍රී ලංකාවේ ලැයිස්තු ගත සමාගමක් වන Panasian Power PLC ආයනයේ අධ්‍යක්ෂ හා ප්‍ර‍ධාන විධායක නිලධාරි ලෙස 2009 සිට 2017 දක්වා කටයුතු කරයි. ඔහු සහජීවනය වෙනුවෙන් කැපවී ක්‍රියා කරන සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු ද වෙයි. 2017 ජුනි මාසයේ සිට සිද්ධි මොහොමඩ් ෆාරුක් මහතා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළේය.

සිද්දි මොහොමඩ් ෆාරුක් මහතා දිවංගත පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන එස්.එම්. ෆාරුක් මහතාගේ පුත්‍රයෙකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top