අමාත්‍යාංශ හයකට නව ලේකම්වරු පත් කෙරේ..

අමාත්‍යාංශ 06 ක් සඳහා නව ලේකම්වරු පත් කිරීමට කටයුතුකර තිබේ.

ඒ අනුව, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජගත් පී. විජේවීර මහතා ද අධිකරණ අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එම්. අධිකාරි මහත්මිය ද, නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඩී.ජී.එම්.වී. හපුආරච්චි මහතා ද පත් කර ඇත.

එසේම නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පද්මසිරි ජයමාන්න මහතා ද, විශේෂ කාර්යභාර අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා ද, තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආර්.එම්.ඩී.බී. මීගස්මුල්ල මහතා ද පත්කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top