ආවා කල්ලියේ ඉක්‍රම් ඇතුළු හය දෙනා තවඳුරටත් රිමාන්ඩ්

ආවා කල්ලිය

ආවා කල්ලියේ සාමාජිකයන් වන ඉක්‍රම් ඇතුළු හය දෙනා ලබන 28 දක්වා යළි රක්‍ෂිත බන්‍ධනාගාර ගත කරන ලෙස යාපනය මහේස්ත්‍රාත් අධිකරණය අද (14) දින නියෝග කර තිබේ.

යාපනයේ සිඳුවූ තියුණු ආයුධවලින් පහරදීම ඇතුළු සිද්ධින් සම්බන්‍ධයෙන් ඉක්‍රම් නැමැත්තා ඇතුළු තිදෙනෙකුව කොළඹ ප්‍රදේශයේ සැඟව සිටියදී පසුගිය 28 වනදා අත්අඩංගුවට ගෙන තිබුණි. ඔවුන්ගෙන් ලද තොරතුරුවලට අනුව වව්නියාව ප්‍රදේශයේ සැඟව සිටි තවත් තිදෙනෙකුව පසුදින අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරුවන් හය දෙනා යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගය මත යළි රක්‍ෂිත බන්‍ධනාගාර ගත කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top