අසිරිමත් නත්තල සංහිදියාව ශක්තිමත් කිරීමට වැදගත් අවස්ථාවක් – ජනපති

සාමයේ සහ පේ‍්‍රමයේ පණිවිඩය ලොවට රැගෙන යන නත්තල ජාතින් අතර සංහිදියාව සහ සහජීවනය ශක්තිමත් කිරීමට ඉතා වැදගත් අවස්ථාවක් බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (16) පස්වරුවේ ති‍්‍රකුණාමලය හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති රාජ්‍ය නත්තල් උත්සවය අමතමිනි.

එකම රටක වෙසෙන එකම ජනතාවක් ලෙස නත්තලේ අරුත ගැඹුරින් බෙදාහදා ගැනීමේ අරමුණින් ,පේ‍්‍රමයේ උපත නත්තලයි, තේමාව යටතේ මෙවර ති‍්‍රකුණාමල දිස්ති‍්‍රක්කය කේන්ද්‍රකර ගනිමින් රාජ්‍ය නත්තල් උත්සවය සංවිධානය කර තිබුණි.

මෙහිදී ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ මනුෂ්‍යත්වයේ ආලෝකය සෑමවිටම නත්තල සමග උදාවන බවයි.

නත්තලේ අරමුණ වන දුප්පතුන් වෙනුවෙන් පහන් ආලෝකය දැල්වීම සදහා අප සියලූදෙනා වෙත වගකීමක් පැවරී ඇති බව ද පෙන්වාදුන් ජනාධිපතිතුමා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට කටයුතු කිරීම සියලූදෙනාගේ වගකීමක් බව ද කියා සිටියේය.

රටේ අනාගතය සදහා සෑමවිටම ජාතින් අතර සාමය සහ සංහිදියාව ශක්තිමත් විය යුතු අතර, නැවත රට තුළ යුද්ධයක් ඇතිවීමට ඉඩ නොතබා සියලූ ජාතින් සහ ආගමිකයින් අතර සංහිදියාව ගොඩනැගීමට එක්වන ලෙස මෙම උතුම් නත්තලේදී තමා සියලූදෙනාගෙන් ඉල්ලා සිටින බව ද ජනාධිපතිතුමා සදහන් කළේය.

බැතිසිතින් අසිරිමත් නත්තල සැමරීමට සූදානම් වන සියලූ කිතුණු බැතිමතුන් වෙනුවෙන් මෙහිදී ජනාධිපතිතුමා සිය සුභාශිංසන එක් කරනු ලැබීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top