ට්‍රම්ට එරෙහිව අද කොළඹ දී විරෝධතාවක්..

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසලම නම් කිරීමට එරෙහිව සියලුම දේශපාන පක්ෂවල සහභාගිත්වයෙන් පවත්වන විරෝධතා රැලියක් අද (22) පස්වරු 3.30ට කොළඔ නව නගර ශලාවේදි පැවැත්වීමට නියමිතිය.

පලස්තීන සහයෝගිතා සංගමය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ඒකාබද්ධව සංවිධානය කෙරෙන මෙම විරෝධතා රැලිය සදහා දේශපාලන පක්ෂ නායකයන්, ආගමික නායකයන් ඇතුළු විද්වතුන් රැසක් සභාගි විමට නියමිතය.

ඒ අනුව එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, කලාකරුවන්ගේ සංගම් හා මාධ්‍ය සංවිධාන නියෝජිතයන් විසින් ඇමෙරිකානු තීරණය හෙළා දකිමින් අදහස් පළ කිරීමට නියමිතය.

එ සේම මෙම විරෝධතා රැලියේදී ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ තීරණය හෙළා දකාමින් වු ලිපියක් දේශපාලන පක්ෂ නියෝජිතයන් විසින් අත්සන් කිරීමටද නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top