ජනපති හදිසියේම මොරගහකන්ද ව්‍යාපෘති පරිශ්‍රයේ නිරික්ෂණට

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (22) පස්වරුවේ හදිසියේම මොරගහකන්ද ව්‍යාපෘති පරිශ්‍රයේ නිරික්ෂණ චාරකාවක නිරත විය.

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 25ක විදුලිබල ධාරිතාවක් එක්කරන මොරගහකන්ද ජල විදුලිබලාගාරයේ පරීක්ෂණ කටයුතු මේ දිනවල සාර්ථකව සිදු කෙරෙමින් පවතින අතර, එම කටයුතු පිළිබදව ජනාධිපතිතුමා මෙහිදී සොයා බැලීය.

මොරගහකන්ද ජලාශයේ සම්පූර්ණ ජල ධාරිතාව අක්කර අඩි 450,000 කි. එම ජල ධාරිතාවෙයන් සියට 93 ක් එනම් අක්කර අඩි 410,000ක් මේ වන විට සම්පූර්ණ වී තිඛෙන අතර විදුලි උත්පාදනය සදහා අවශ්‍ය ජල ධාරිතාව සම්පූර්ණවීමත් සමග එහි විදුලි උත්පාදන කටයුතු ආරම්භ කෙරණු ඇත.

ඊයේ පස්වරුවේ ව්‍යාපෘති පරිශ්‍රය වෙත ගිය ජනාධිපතිතුමා ඉංජිනේරුවන් ඇතුථ ව්‍යාපෘති නිලධාරින් සමග සුහද කථා බහක නිරත විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top