ගතවූ මස 12 තුළ ඩෙංගු බවට සැක රෝගීන් 180939ක්

2017 වර්ෂයේ ගත වූ මාස 12 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 180939 දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇත.

ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 41.58%ක් පමණ වාර්තා වූයේ බස්නාහිර පළාතෙන් බව පවසන වසංගත රෝග අංශය වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වූයේ 29 වන සතිය තුළදී බව දක්වයි.

මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීම්‍ෙ අවශ්‍යතාව මෙම තත්ත්වය මගින් පෙන්නුම් කෙරේ. එමෙන්ම උණ රෝගය වැළඳීමෙන් දින තුනක් ඉකුත් වූ පසුත් රෝගය පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් බව ද වසංගත රෝග ඒකකය සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top