ලිට්‍රො ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්‍ෂේප කරයි.

විදේශ ගත වී ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ලිට්‍රො ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ මහතා කළ ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (22) ප්‍රතික්ෂේප කර තිබේ.

තායිවානයේ ෆා ඊස්ටන් බැංකුවේ පරිගණක ජාලයට ඇතුළුවී ඇමරිකානු ඩොලර් 2,104 ක් මුදල් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බණ්ධනාගාර ගත කර සිටියේය.

ශලීල මුණසිංහ මහතා බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සහිත පුද්ගලයෙකු වන අතර ඔහු ලිට්‍රො ගෑස් සමාගමේ සභාපති ධුරයට පත්වන්නේ රවී කරුණානායක මහතා මුදල් ඇමතිව සිටි සමයේයය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top