උත්සව සමයට අත්‍යවශය ආහාර ද්‍රව්‍ය 7ක් ස්ථාවර මිලකට

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හතකට මිල උත්සව සමය තුළදී ස්ථාවරව තැබීමට ජීවන වියදම් කමිටුව තීරණය කර තිබේ.

මේ අනුව දේශීය හා ආනයනික නාඩු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 74ක්ද, සම්බා සහල් කිලෝවක උපරිම මිල වන්නේ රුපියල් 71ක්. ලොකු ලෑණු කිලෝවක් විකිණිය හැකි ස්ථාවර මිල වන්නේ රුපියල් 135ක්. සීනි කිලෝවක් රුපියල් 100කද, අල කිලෝවක් රුපියල් 139ක්ද සැමන් ග්‍රෑම් 425ක් රුපියල් 127කද පරිප්පු කිලෝවක උපරිම මිල රුපියල් 124ක් වන අතර හාල් මැස්සන් කිලෝවක් රුපියල් 515කද විකිණිය යුතුය. මෙම ස්ථාවර මිල අප්‍රේල් දක්වා ක්‍රියාත්මක බව ද පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top