බගවන්තලාව බොගවානා වතුයායේ කම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්රහාරයකින් විසි දෙදෙනෙකු රෝහල් ගතකර තිබේ. ඊයේ (26) දහවල් කාලයේදී තේ දළු නෙලමින් සිටිය දී මෙම පිරිස බඹර ප්රහාරයට ලක්ව තිබේ.
ඔවුන්ගෙන් 14 දෙනෙකු නේවාසිකව ප්රතිකාර ලබමින් සිටින අතර සෙසු පිරිස ප්රතිකාර ලබා පිටව ගොස් ඇති බව වාර්තාවේ.