ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නව කළමනාකරණ අධ්‍යක්ෂවරයා ලෙස නීල් ජයසේකර

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව කළමනාකරණ අධ්‍යක්ෂ ලෙස එහි පිරිපහදු කළමනාකරු ධුරයෙහි මේ දක්වා කටයුතු කළ නීල් ජයසේකර මහතා පත් කෙරේ.

ඔහු සිය ධුරයෙහි වැඩ භාර ගැනීම ඊයේ (27) උදෑසන දෙමටගොඩ පිහිටි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරිණ. ඒ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ සහභාගිත්වයෙන් පැවැති චාම් උත්සවයකදීය. එම අවස්ථාව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය උපාලි මාරසිංහ මහතාත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති දම්මික රණතුංග මහතාත් සහභාගි වූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top