අගමැතිට එරෙහිව පැමිණිල්ලක්..

complain_ci පැමිණිල්ලඒකාබද්ධ විපක්ෂය විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් 11 දෙනෙකු විසින් අද (31) පෙරවරුවේ අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

මහ බැංකුව අගමැතිවරයාගේ අමාත්‍යංශය යටතේ තිබීම විශේෂත්වයකි. ඒ අනුව මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අගමැතිවරයාගෙන් ද විභාග කළ යුතු යැයි ඒකාබද්ධ විපක්‍ෂය ඉල්ලා තිබේ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top