මඩු රක්ෂිතයේ පවත්වාගෙන ගිය දැව ජාවාරමක් වටලයි..

මන්නාරම් මඩු රක්ෂිතයේ පම්පේඩි රක්ෂිත කැලෑවේ පවත්වාගෙන ගිය රහසිගත පලු දැව ජාවාරමක් ඊයේ (27) අළුයම මඩු අඩවි වන නිලධාරීන් හා මන්නාරම් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් වටලා ඇත.

කැලෑවෙන් කපන ලද බුරුත ගස් තොගයක්, යතුරුපැදියක්, දැව ඉරීම සඳහා යොදාගත් උපකරණ තොගයක් ද පොලිස් බාරයට ගෙන ඇත.

අදාල වැටලීම සිදු කරන අවස්ථාවේදී ජාවාරම්කරුවන් එම ස්ථානයේ නොසිට ඇති අතර අදාල ජාවාරම්කරුවන් සොයා පරික්ෂණ කටයුතු මඩු අඩවි කාර්යාලය පරික්ෂණ ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top