විජේදාස රාජපක්ෂ ව්‍යවස්ථාදායක සභාවෙන් ඉල්ලා අස්වෙයි

ව්‍යවස්ථාදායක සභාවෙන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ පවසයි. අදාළ ඉල්ලා අස්වීම සම්බන්ධ ලිපිය ජනාධිපතිවරයාට යොමු කළ බවද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

සාමාජිකයන් දස දෙනෙක්ගෙන් යුත් කමිටුවට අගමැතිවරයාගේ නිර්දේශය පරිදි විජේදාස රාජපක්ෂ මහතා පත්කර තිබිණි. 2015 සැප්තැම්බර් මස 09 වන දින ඔහු ව්‍යවස්ථාදායක සභාවට පත් කෙරුණු අතර 2018 සැප්තැම්බර් 09 වන දින එම ධූර කාලය අවසන් වීමට නියමිතව තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top