පාකිස්ථානයෙන් ශී‍්‍ර ලංකාවට පොහොර මෙට්ටි‍්‍රක් ටොන් 41,000ක්

ශී‍්‍ර ලංකාවේ මතුව ඇති පොහොර ගැටලූවට විසඳුම් ලබාදීම සඳහා සහය වන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පාකිස්ථාන අග‍්‍රාමාත්‍ය ෂහීද් කඛාන් අබ්බාසි මහතාගෙන් දුරකථනය ඔස්සේ කරන ලද ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වමින් වහාම කි‍්‍රයාත්මක වන පරිදි පොහොර මෙට්‍රික් ටොන් 41,000ක් ශී‍්‍ර ලංකාවට එවීමට පකිස්ථාන රජය එකඟතාවය පළ කර තිබේ.

ජනාධිපතිතුමාගේ ඉල්ලීම පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් ඉදිරියේදී පොහොර මෙටි‍්‍රක් ටොන් 75,000ක් දක්වා ශී‍්‍ර ලංකාවට ආනයනය කිරීමට කටයුතු කරන බව පාකිස්ථාන රජය වැඩිදුරටත් දන්වා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top