මනියන්තෝට්ටම් ග්‍රාම සේවා නිලධාරිවරයාගේ නිවසට ගල් මුල් ප්‍රහාර එල්ල කළ තරුණයන් අත්අඩංගුවට

යාපනය, මානියන්තෝට්ටම් ග්‍රාම සේවා නිලධාරිවරයාගේ නිවසට ගල් මුල් ප්‍රහාරයක් එල්ල කළැයි චෝදනා මත තරුණයන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව යාපනය පොලිසිය පවසයි.

තම නිවසට යම්කිසි පිරිසක් විසින් ගල් මුල් ප්‍රහාරයක් එල්ල කළ බවට ග්‍රාම සේවා නිලධාරිවරයා විසින් යාපනය පොලිසිය පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. ඔහුගේ නිවසට කිසිඳු අලාභ හානියක් සිඳුවී නොමැති බවත්, ග්‍රාම සේවා නිලධාරිවරයාගේ පැමිණිල්ලට අනුව තරුණයන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, පොලිසිය විසින් වැඩිදුර පරික්‍ෂණ කටයුතු පවත්වාගෙන යන බවද පවසා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top