බැඳුම්කර සිද්ධිය ගැන විභාග කිරීමට විශේෂ අධිකරණයක් පිහිටුවන්න – චම්පික

චම්පිකබැඳුම්කර සිද්ධිය සම්බන්ධ වංචාව පිළිබඳ සෘජුව නීතිය ක්‍රියාත්මක කර දඬුවම් ලබාදීමට වෙනම විශේෂ අධිකරණයක් පිහිටුවන ලෙස ජාතික හෙළ උරුමයේ මහ ලේකම් සහ මහ නගර සහ බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ.

ඊයේ (31) බත්තරමුල්ල ජාතික හෙළ උරුමය මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකු වංචාව සම්බන්‍ධයෙන් වගකිව යුතු සියලුදෙනාම නීතිය හමුවට පැමිණවීම රජයේ සදාචාරාත්මක යුතුකමක් බවත්, වංචාවන්, දූෂණයන් පිළිබඳ කඩිනමින් ක්‍රියා කිරීමට විශේෂ අධිකරණයක් පිහිටුවා බැඳුම්කර සිද්ධියට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි හෙතෙම පවසා තිබේ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top