සිවරාම් ඝාතනයට සහ අප පක්‍ෂයට කිසිඳු සම්බන්‍ධයක් නැහැ

දර්මලිංගම් සිද්ධාර්තන් – බුලොට්

මාධ්‍යවේදී සිවරාම් ඝාතන සිද්ධියට සහ තම සංවිධානයට කිසිඳු සම්බන්‍ධයක් නොමැති බවත්, ඇතැම් පිරිසක් එම ඝාතනය සිද්ධියට තම පක්‍ෂය සම්බන්‍ධ කිරීමට උත්සහ කරමින් සිටින බව බුලොට් පක්‍ෂ නායක හා පාර්ලිමෙන්තු මන්ත්‍රී ටී. සිද්ධාර්තන් මහතා පවසයි.

අද (01) දින යාපනය දී මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේ සිද්ධාර්තන් මහතා මේ බව පවසා සිටියේය,

මාධ්‍යවේදී සිවරාම් ඝාතන නඩුවට සහ බුලොට් පක්ට‍ෂයට කිසිඳු සම්බන්‍ධයක් නැහැ, එම ඝාතන සිද්ධිය සම්බන්‍ධයෙන් අප පක්‍ෂයේ කටයුතු කළ ශ්‍රේෂ්ඨ සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන නඩු පවරා තිබුණි. දැන් එම නඩුවලින් ඔහු නිරපරාධකරුවෙකු යැයි නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

දිගින් දිගටම සිවරාම් ඝාතනයට බුලොට් පක්‍ෂය සම්බන්‍ධ යැයි චෝදනා කරමින් සිටීම අප පක්‍ෂයට අපකීර්තියක් ඇති කිරීමේ කටයුත්තකි. අධිකරණයෙන් නිරපරාධකරුවන් යැයි තීන්දු කළ පසු ද සිවරාම් ඝාතනයට බුලොට් පක්‍ෂ සම්බන්‍ධ යැයි ඇතැමුන් මාධ්‍යවල පවසා සිටිනවා. එය අපි තරයෙන් ප්‍රතික්‍ෂේප කරනවා“ යැයි සිද්ධාර්තන් මහතා වැඩිදුරත් පවසා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top