වල්ලපට්ට තොගයක් කටුනායක දී අත්අඩංගුවට

විදේශයකට රැගෙන යාමට ගෙනවිත් තිබූ වල්ලපට්ට කිලෝ ග්‍රෑම් 24.7ක් කටුනායක දී අත්අඩංගුවට ගෙන තිබේ. ඕමානයේ මස්කට් බලා යාමට පැමිණි පුද්ගලයෙකු සතුව තිබී මෙම වල්ලපට්ට තොගය සොයාගෙන තිබේ.

ගමන් මල්ලේ සඟවා මෙම වල්ලපට්ට තොගය රැගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේ අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි වටිනාකම රුපියල් ලක්‍ෂ 21කට වැඩි බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top