තරුණයන් 11ක් අතුරුදන් කිරීමේ චෝදනාවට සම්බන්‍ධ කොමදෝරු දසනායක ඇතුළු හයක් යළි රිමාන්ඩ්

පුද්ගලයන් එකොළොස් දෙනෙකු අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී කේ පී දසනායක මහතා ඇතුළු සැකකරුවන් 06 දෙනා ජනවාරි 16 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගකර තිබේ.

2008 වර්ෂයේදී සුදු වෑන් භාවිත කරමින් තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩී.කේ.පී. දසනායක මහතා ඇතුළු නාවික හමුදා නිලධාරීන් 06 දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top