හුණුපිටිය ප්‍රදේශයේ වෙළදසැල් කිහිපයක ගින්නක්..

වත්තල, හුණුපිටිය ප්‍රදේශයේ වෙළදසැල් කිහිපයක අද (03) අළුයම් කාලයේ ගින්නක් හට ගෙන ඇති බව වාර්තා වේ. හුණුපිිටිය, ජයන්ති මල් හන්දිය ප්‍රදේශයේ කඩපෙළක මෙම ගින්න හට ගෙන ඇති අතර වෙළඳසැල් 10 ක් පමණ සම්පූර්ණයෙන් විනාශ වී ඇත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව වෙළඳසැල් හිමියන් චෝදනා කර සිටියි. කිරිබත්ගොඩ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top