ශ්‍රී ලංකාවට ජපානයේ උපරිම සහය ලබාදීමට සූදානම් බව ජපාන විදේශ කටයුතු ඇමැති පවසයි.

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ජපාන විදේශ කටයුතු අමාත්‍ය තාරෝ කෝනෝ මහතා ඊයේ (05) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවී සාකච්ඡා කළ අතර, එහිදී සංවර්ධනය සහ සංහිඳියාව කරා ගමන් කරන ශ්‍රී ලංකාවට ජපානයේ උපරිම සහය ලබාදීමට සූදානම් බව තාරෝ කෝනෝ මහතා පවසා තිබේ.

ජපාන විදේශ අමාත්‍යවරයෙකු මෙරට සංචාරයක නිරතවන්නේ වසර 15 කට පසුව වීම ද විශේෂත්වයකි.

දෙරට අතර හොඳ ව්‍යාපාරික සබඳතාවක් මේ වන විට පවතින බවත් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සහ ආයෝජන අවස්ථා පිළිබඳ තවදුරටත් සොයා බැලීමට විශේෂ නියෝජිත පිරිසක් මෙම මස අගදී ශ්‍රී ලංකාවට එවන බව ජපාන විදේශ අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පවසා තිබේ.

ශ්‍රී ලංකා – ජපාන ඓතිහාසික මිත්‍රත්වය මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා සැබෑ මිතුරෙකු ලෙස ජපානය ශ්‍රී ලංකාවට නිරන්තරයෙන් ලබාදෙන සහය කෘතවේදීව අගය කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top