බම්බලපිටිය ප්රදේශයේදී දුම්රියේ ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ රාත්රී අලුත්ගම සිට මරදාන බලා ධාවනය වූ දුම්රියේ ගැටි එම තරුණයා මිය ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි. ඔහුගේ මෘත දේහය ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.